බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රිකයේ අත්තනගල්ල කොට්ඨාසයේ වැලිකඩමුල්ල ග්‍රාම නිළධාරි කොට්ඨාසයේ බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත. වර්ෂ.1953 ජුලි මස 1 වන දින ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම පාසල ආරම්භ විය.
ආරම්භයේ දි සිසුන් 20 දෙනෙකු හා ගුරුවරුන් තිදෙනෙකු සිටි අතර මුල් ගුරුතුමා ලෙස ජේ.රාමනායක මහතා කටයුතු කර ඇත. ආරම්භයේ දි අක්කර 1.5 ක් භුමි ප්‍රමාණක් විදුහලට වෙන් ව තිබි ඇත. පොල් අතු වලින් ආවරණය කරන ලද ගොඩනැගිල්ලක අධ්‍යාපන කටයුතු කර ඇත.






